Featured News
Posts Slider
Health
-
ලෝක සෞඛ්‍ය සංවිදානයේ සභාපති චීනයේ කොවිඩ් තත්වය ගැන නොසතුටෙන්
චීනයේ පැතිරී යන පාලනයකින් තොර කොවිඩ් රැල්ල පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී ඇති බවත් ඒ පිළිබද සතුටු දායක තත්වයක් නොමැති බවත් ඒ පිළිබද තොරතුරු ලබාදීම සදහා චීන රජය මැදිහත්විය යුතු බව සතියේ සමාලෝචන රැස්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිදානයේ සභාපති ටෙඩ්රෝස් ග්රෙබ්‍රයෙසස් මහතා පවසා ඇත.
මෙවන් තත්වයක් තුල නැවත වරක් කොවිඩ් තත්වය ලංකාව තුල ඇති වුණහොත් ජනතාව මුහුණ දෙන වත්මන් පීඩනය පිළිබද දැන් සිටම සෞඛ්‍ය, සංචාරක, ආර්ථික ක්ෂේත්‍ර කෙරෙහි පෙර සුදානම් සහගත ක්‍රියාවලියක් සදහා යොමුවීම අවශ්‍ය බව අප අවධාරණය කරමු.
Economy
-
ලංකා සීනි වංචා චෝදනාවෙන් සභාපති එලියට ආයතන සේවක පිරිසක් ඔහුගේ සේවය අවශ්‍ය බව කියයි.!
ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍රට එරෙහිව ඇති දුෂණ වංචා හා අයහපත් කළමනාකරණය පිළිබද චෝදනා හේතුවෙන් ඉවත් කල බව වාර්තා වන අතර එම තිරනයට විරුද්දව සේවක පිරිසක් දැවැන්ත විරෝධතාවයක 19 යෙදින.
විරෝධතාවයේ නියැළුණු සේවකයින් සඳහන් කරන්නේ කිසිදු චෝදනාවකින් තොරව සභාපති වරයා ඉවත් කර නව සභාපතිවරයෙක් පත් කිරීම කණගාටුවට කරුණක් බවත් එම හිටපු සභාපති වරයා කාලයක් තිස්සේ අලාභ වෙමින් වැටී තිබූ පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයට නව ප්‍රගතියක් මෙන්ම විශාල ලාභ ලබන ආයතනයක් බවට පත් කරමින් සියලුම සේවකයින් සඳහා ද සහනයක් ගෙන දුන් අයකු බවයි තවද ඔවුන් සඳහන් කර සිටින්නේ හිටපු සභාපති වරයා වූ ජනක විමල චන්ද්‍ර කර්මාන්ත ආයතනයේ සභාපතිවරයා ලෙස නැවත පත් කරන තුරු සියලුම සේවකයින් සේවාවලින් ඉවත්ව අඛණ්ඩව වර්ජනයේ යෙදෙන බවයි.
එම සේවකයින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ සභාපතිවරයා ඉවත් කර දමා නව සභාපතිවරයෙක් පත් කර ගැනීම පසුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවත් වර්තමානයේ ලාභ ලබමින් විශාල ආයෝජනයක් ලබා දෙන මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති දැවැන්තම කර්මාන්ත ආයතනය රැක ගැනීමට මොණරාගල ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් ඇතුළු සියලුම ජනතා නියෝජිතයින් ඉක්මනින් පෙළගැසී මේ සඳහා කඩිනම් පියවරක් ගත යුතු බවයි.
මින් පෙර මාධ්‍ය හමුවේ හිටපු සභාපතිවරයා ” ලංකා සීනි සමාගම සියයට සීයක් මහා භාණ්ඩාගාරය සතු සමාගමක්. රජය සතු සමාගමක්. 1986දී තමයි මෙහි කටයුතු ආරම්භ කර තිබෙන්නේ. ඌණ උපයෝගී වත්කම් පනත යටතේ පෞද්ගලික අංශය යටතේ තිබුණු සෙවනගල සීනි කර්මාන්තායතනයත්, පැල්වත්ත සීනි කර්මාන්තායතනයත් එකතු කර 2011දි තමයි ලංකා සීනි සමාගම බිහිවෙන්නේ. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයෙ දී. මෙහි සේවකයෝ 6000ට ආසන්න ප්‍රමාණයක් සහ උක් ගොවියො 10,000ක් පමණ කටයුතු කරනවා. මෙය අක්කර 35000ක පමණ භූමියක පැතිරිලා තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 20000කට, 25000කට වගේ ජීවිතය ගෙනියන්න උරදෙන මොණරාගල දිස්ත්‍රික්කයට තියෙන එකම රාජ්‍ය ආයතනය මෙයයි. මෙම ආයතනයට වසර 36ක ඉතිහාසයක් තිබෙනවා.
2011 සිට රාජ්‍ය සමාගමක් ලෙස තිබුණත් 2019 කාලය තෙක් දෙසැරයකට වඩා ලාභ උපයලා නෑ. 2019 වෙද්දි මේකෙ ශුද්ධ අලාභය මිලියන 1300ක්. ඒ විතරක් නෙමෙයි මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 1500ක්. අපට මේ ආයතනය ලැබෙන්නෙ රුපියල් මිලියන 2500, 3000 පමණ ණයක් සහ අලාභයක් අතේ තියාගෙන. එවන් ආයතනයක් ඉතා කෙටි කාලයක් තුළ ලාභ ලබන තැනට පත් කරන්න අපට හැකියාව ලැබුණා.” ප්‍රකාශ කොට ඇත.
Latest News
මෙටා – ෆේස්බුක් හිමිකාර ආයතනයට ඩොලර් මිලියන 725ක දඩ
සමජමාධ්‍ය දැවැන්තයා දත්ත වංචාවක නඩු නිමිත්ත වෙනුවෙන් ඩොලර් මිලියන 725ක මුදලක් ගෙවා ඇත. මෙම වංචාවට සිද්දිය කේම්බ්‍රිජ් අනලටිකා ලෙස සුප්‍රසිද්ධ සිය ග්‍රහකයන්ගේ දත්ත තුන්වන...
ලංකා සීනි වංචා චෝදනාවෙන් සභාපති එලියට ආයතන සේවක පිරිසක් ඔහුගේ සේවය අවශ්‍ය බව කියයි.!
ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍රට එරෙහිව ඇති දුෂණ වංචා හා අයහපත් කළමනාකරණය පිළිබද චෝදනා හේතුවෙන් ඉවත් කල බව වාර්තා වන අතර එම තිරනයට විරුද්දව...
ලෝකාන්තයට කේබල් කාරයෙන් යන්න සුදානමක්
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. එය පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන්...
විදුලි ඉංජිනේරු වරුන් ජනවාරි සිට විදුලිය කපන්න වන බව කියද්දී ආණ්ඩුව ජනවරියේ සිට විදුලි බිල වැඩි කරන්න සුදානම් බව කියයි.
දේශපාලකයින් විතරක්ම නොව නිලධාරීන්ද මේ රටට කෙලවිමට කටයුතු කරන බව පැහැදිලිය. වැස්ස පටන් අරන් ගංදිය උතුරා යද්දී ඉංජිනේරුවෝ ඉදිරියේ විදුලි කපන්න වෙයි කියලා ප්‍රකාශ නිකුත්...
ඉටුකිරීමට සියලු දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ එක්විය යුතුයි. ලබන වසරේ සිට සහන ලබා දෙනවා. – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
උද්ධමනය වැඩිවීමත් සමඟ සිදු වූ භාණ්ඩ මිල ඉහළ යාම නිසා අද ජනතාව පත්ව සිටින අසීරුතාව තමා අමතක කර නොමැති අතර, පියවරින් පියවර රටේ ආර්ථික ගැටලු...